ජරා දවසකින් ගොඩ එන්නේ කොහොමද?

ගොඩක් අයට සමහර දවස් වලට තේරෙනවා මේකනම් මහා ජරා දවසක් කියල අද අපි කියන්න යන්නේ ඒවගේ ජරා දවසකින් ගොඩ එන්නේ කොහොමද කියල ......



01. හොදට වතුර බොන්න 
වතුර අපේ ඇගට ඕනෙම දෙයක් වතුර බීම මගින් ඔයාගේ ඇග මනස දෙකම සැහැල්ලු වෙනවා. ඒවගේම දවසේ වැඩ වලට උදව් වෙනවා 

02. තමන්ගේ ඇද හදන්න
ඔබ හිතනවා ඇති ඇද හැදුවම එක කොහොමද දවසට උදව් වෙන්නේ කියල ඔයා නැගිට්ට ගමන් කරන පලවෙනි දේ, ඒවගේම කරන්න තියෙන දේ තමයි  ඇද හදන එක ඉතින් ඔයා නැගිට්ට ගමන් ඇද හැදුවම ඔයාට නොදැනීම  ඔයාගේ මොලයට තේරුම් යනවා ඔයාගේ පලවෙනි ජොබ් එකම ඔය කරලා සාර්ථකයි  කියල.



03 - පෝෂදායි ආහාර / සමබරව  අහාර ගන්න

   සමහර වෙලාවලට අපි අප්සෙට් ගියාම ගොඩක් අය කරන්නේ අහුවෙන අහුවෙන කෑම කන එක. වැඩියෙන්ම සිනි තියෙන ඇගට බර දේවල් කන එක නමුත් එකෙන් ඒ මොහොතේ තමන්ගේ හිතට පොඩි සහනයක් ආවට එක වැඩි වෙලා තියෙන්නේ නැහැ.

04 - තව කෙනෙක් සමග කතා කරන්න.
  ගොඩක් අය ප්‍රශ්නයක් ආවම එක හංගගෙන ඉන්නවා, නමුත් කල යුතු සහ කරන්න ඕන හොදම දේ තමයි  තව කෙනෙක් එක්ක කතා කරන එක. ඊට පස්සේ ඔයාට ලොකු සහනයක් දැනෙයි. මේකට හොදම යාලුවෙක් විශ්වාසවන්ත යාලුවෙකව තියාගන්න අපි හැමෝටම feelings share කරගන්න කවුරු හරි ඕනේ .


05 - උදේම සීතල වතුරෙන් නාන්න 
  උදේම සීතල වතුරෙන් නාන එක අපේ ඇගට ගොඩක් හොද දෙයක්, උදේම සීතල වතුර ඇගට වැටුනම අපේ ඇගේ  උෂ්ණත්වයේ වෙනසක් වෙනවා ඒ වගේම අපේ හුස්ම ගැනීමේ වේගය වැඩි වෙනවා ශරීරයට අවශ්‍ය ඔක්ශිජන් හම්බවෙනවා උදේම ඇගට ශක්තියක් (energy ) එකක් එනවා.


06 - සුරතල් සතුන් සමග කාලය ගතකරන්න,

සුරතල් සතුන් සමග කාලය ගත කරන එකෙන් තමන්ගේ හිත නිදහස් වෙලා අමුතුම සතුටක් දැනෙනවා තමන්ගේ ප්‍රශ්නද අමතක වෙලා යනවා

07 - වැඩ list එකක් හදන්න.
තමන්ට කරන්න තියෙන වැඩ list එකක් හදල එක එක කර කියලා mark කරන්න එතකොට තමන් දන්නවා තමන් කල යුතු වැඩ මොනවද කරපු වැඩ මොනවද කියල ඒවගේම දවසේ අන්තිමට තමන්ට අදහසක් තියෙනවා තමන් කොච්චරව වැඩ අද කරාද කියල.



08 - Music
සංගීතයට ඇහුම්කන් දීමෙන් ගොඩක් දුරට තමන්ගේ මූඩ් එක හරිගස්ස ගන්න පුළුවන් තමන් කැමති සහ වෙලාවට ගැලෙපෙන Category එකක් තෝරාගන්න .



මේ දේවල් try කරලා බලන්න දවස ගොඩ ගියොත් අපිට කියන්න
ජරා දවසකින් ගොඩ එන්නේ කොහොමද? ජරා දවසකින් ගොඩ එන්නේ කොහොමද? Reviewed by Unknown on March 27, 2018 Rating: 5

No comments:

Powered by Blogger.